පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කෙරේ
ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී රුපියල් 120.00 ක් වටිනා පොල් ගෙඩියක් සොරකම් කිරිම හේතුවෙන් චෝදනා ලැබූ සැකකරුහට ඊයේ (19) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.
ඒ ඊයේ අදාළ සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
තම අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා මෙලෙස පොල් ගෙඩියක් සොරා ගත් බව සැකකරු අධිකරණයේදී හමුවේ පිළිගෙන ඇත.
කෙසේවෙතත් එළඹෙන මාර්තු මස 18 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම සැකකරුට අධිකරණය නියෝග කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
