දේශීය

මත්පෙති 1000ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්පෙති 1000ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ගල්කිස්ස පොලිස් වසමේ කොතලාවලපුර ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙක් බවයි පොලීසිය සඳහන් කර ඇත්තේ.

අදාළ සැකකරුවන් දෙදෙනා අද (20) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *