ඇමරිකාවේ නව ජනපති අද දිවුරුම් දෙයි
ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් අද (20) දිවුරුම් දීමට නියමිතව ඇත.
46 වන ජනාධිපතිවරයා ලෙස එරට සාම්ප්රදායය අනුව බයිබලය මත දිවුරමින් කොන්ග්රස් පරිශ්‍රයේදී ජෝ බයිඩන් දිවුරුම් දෙයි.
එසේම එරට පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් ද අද දිනයේ දිවුරුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇමරිකානු සාමාන්‍ය සම්ප්රදාය අනුව හිටපු ජනාධිපතවරයා විසින් නව ජනාධිපතිවරයාහට නිළ වශයෙන් ධවල මන්දිරයේ වගකීම භාරදිය යුතු වේ.
කෙසේවෙතත් මේ වන විට ජනපති ට්‍රම්ප් ධවල මන්දිරය අතහැර ගොස් ඇති හේතුවෙන් එම සම්ප්‍රධාය ගිලිහී යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
