දේශීය

ගුවන්තොටුපොළ විවෘතයි – පළමු යානය ලාංකිකයින් 50 ක් රැගෙන දිවයිනට

ශ්‍රී ලාංකිකයින් රැගත් ගුවන් යානයක් අද (21) දිවයිනට පැමිණ ඇත. ගුවන්තොටුපොළ විවෘත කරමින් පැමිණි පළමු ගුවන් යානය මෙය වේ.

මෙම ගුවන්යානය ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙක් රැගෙන මෙලෙස මෙරටට පැමිණ ඇති බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කර ඇත.

එසේම මාලදිවයින, පකිස්ථානය, තුර්කිය, බහරේන් යන රටවල සිට තවත් ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙක් අද දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.

විදේශ රටවල සිට මෙලෙස පැමිණෙන සියලු පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කර අදාළ නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *