කුලියාපිටිය රෝහලේ සේවක මණ්ඩලයේ 14කට කොවිඩ්
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 04 දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ ඊයේ (20) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී එම ආසාදිතයින් හඳුනාගත් බවයි.
වෛද්‍යවරුන් 04 දෙනාට අමතරව රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනුයුක්තව සේවයකළ හෙද නිලධාරින් 8 දෙනෙකු, කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
මේ වන විට එම රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ සේවයකළ සියලු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සියලුම රෝගීන් PCR පරීක්ෂණයට යොමුකර ඇති බව වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිනියකට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.
රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ එම හෙදියගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් හෙද නිලධාරිනියන් 10දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය කර ඇති බවයි.