එක්සත් ජාතික පක්ෂය නැගෙනහිර පර්යනතය විකණීම ප්‍රතික්ෂේප කරයි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා තම රජය එකඟ වූ බවට නැගෙන චෝදනා එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප ඇත.
නැගෙනහිර පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019 දී එවකට පවතී රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බව නිවේදනයේ සඳහන්ව තිබේ.
පර්යන්ත මෙහෙයුම්, සමාගමකට බදු දීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපාන රජයන් අතර අවබෝධතා ගිවිසුකට අත්සන් කළ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපාන අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2019 සැප්තැම්බර් 10 වන දින කැබිනට් අනුමැතියද ලබාදුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත්කළ නිවේදන පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
