දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
අද (22) නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.
ප.ව. 2.00 න් පසුව කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සබරගමුව පළාතෙත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඒ පිළිබඳ අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් දන්වා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
