නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ
2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි 28 වන දා තෙක් දීර්ඝ කර තිබේ.
රට තුළ පවත්නා කොවිඩ් වාතාවරණය මත පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් ඇතැම් සිසුන්ට තිළිණපත් සඳහා අදාළ නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට නොහැකි වී ඇති බවට ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
