කටුනායකින් පළාගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී
කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ නවාතැන් පොළෙන් තිබිය ඊයේ (21) දිනයේ දී පළාගිය කොවිඩ් වෛරස ආසාදිතයා සොයා ගෙන ඇත.
අද (22) උදෑසන කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
මෙලෙස අත්අඩංගුවටගත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයා ගිලන්රථ සේවයක් මඟින් මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
