පස්සර ජාතික පාසලේ සිසුන් 10කට කොවිඩ්
පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙක්හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
එළැඹෙන නිදහස් උත්සවයට සහභාගිවීමට සිටි සිසුන් සඳහා සිදු කරන ලද PCR පරීක්ෂණයේදී සිසුන් දෙදෙනෙකුහට පළමුව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇත.
ඉන් පසුව එම සිසුන් දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස තොරා ගත් සිසුන් 80 දෙනෙකුට සිදු කරන ලද PCR පරීක්ෂණ වලදී තවත් සිසුන් 08 දෙනෙක්හට වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රදේශයභාර සෞඛ්‍ය අංශ සඳහන් කර තබේ.
මේ වන විට එම සිසුන් අදාළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
