දේශීය

සමාජ මාධ්‍ය ජාලා කැළඹූ වීඩියෝවේ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ වීඩියෝවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

අත්අඩංගුවටගත් පිරිස එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

බියගම පොලිස් වසමේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ අවන්හලක් අසලදී අදාළ සිද්ධිය ඇති වී තිබුණු බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *