දේශීය

මොණරාගල පාසල් සිසුවෙකුටත් කොවිඩ්

මොණරාගල වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙකුට සහ ඇයගේ මවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 78 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණ තුළින් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයෙන් ඊයේ (22) දිනයේත් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලුදෙනා මීට පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය.

ඔවුන් සියලුදෙනාම ඊයේ පස්වරුවේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති අතර නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 63ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *