කන්දන්කුලම් වැවේ ජල කාන්දුව පිළිසකර කෙරේ
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කන්දන්කුලම් වැවේ හටගෙන තිබූ ජල කාන්දුව මේ වනවිට පිළිසකර කර ඇති බව දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදීෂ්වරම් මහත්මිය පැවසුවාය.
වාරි මාර්ග ඉංජිනේරුවන්, රාජ්‍ය සේවකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව පෙරේදා දිනයේදීම ජල කාන්දුව සිදු වූ ස්ථානය පිළිසකර කිරීමට පියවර ගත් බව දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කරයි.
කෙසේවෙතත් වැව ආශ්‍රිත ජනතාව තවදුරටත් විමසිල්ලෙන් සිටින ලෙස දිස්ත්‍රික් ලේකම්වරිය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
