මොරගොඩදී අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙකු ජීවිතක්ෂයට
මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයකට යටවීමෙන් සිදුවූ අනතුරකින් බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ එම අත් ට්‍රැක්ටරයේ පිටුපස මවක් සහ ඇගේ දරුවා ගමන්කර ඇති අතර මහදිවුල්වැව වැව් බැම්ම මතින් ගමන් කිරීමේදී ට්‍රැක්ටරය එකවරම පිටුපසට යෑමෙන් මව අතින් ගිලිහිණු දරුවා බිමට වැටී ඇති බවයි.
එහිදී ට්‍රැක්ටරයට යටවීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා යක්කල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 09 ක් වයසැති නාමල්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් අත් ට්‍රැක්ටරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
