කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක්
වැලිකන්ද කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක් සොයාගෙන තිබේ.
එම ටෙනිස් බෝල තුළ තිබී ගංජා, හෙරොයින් සහ දුම්කොළ සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
ඊයේ (23) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව එම මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට පිටතින් විසි කර තිබේ.
හමුදාව සහ බන්ධනාගාර නිලධාරීන් කළ මෙහෙයුමකදී ඒවා සොයා ගත් බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
