දේශීය

ගම්පහදී ජීව අත්බෝම්බයක් සහ පතොරම් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ගම්පහ යක්කල පාරේ වෙළඳසැලක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් , T 56 ජීව උණ්ඩ 38 ක් සහ රාත්‍රී කාලයේ භාවිතයට ගන්නා විශේෂිත වූ දුරදක්නයක් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අදාළ උපකරණ සහ අවි ආයුධ ‌තොගය සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ අග්බෝර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර දෙකක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *