චීනයේ රන් පතලක සති දෙකක් සිරවී සිටි පිරිස මුදවා ගැනේ
චීනයේ රන් පතලක සති දෙකක පමණ කාලයක් සිර වී සිටි පතල්කරුවන් 11 දෙනෙකු මුදවාගෙන තිබේ.
කෙසේවෙතත් ඒ අතරින් එක් පතල්කරුවෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 10 වැනිදා සිදුවූ පිපිරීමක් හේතුවෙන් එරට ෂැන්ඩොන් පළාතේ මීටර් 600ක ගැඹුරකින් යුතු රන් පතලක එහි සිටි පතල්කරුවන් 22ක් සිරවී තිබුණි.
ඔවුන් මුදාගැනීම සඳහා සහන සේවකයින්ට දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට සිදුවිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
