ආසියාවේ මත්ද්‍රව්‍ය රජා නෙදර්ලන්තයේදී අත්අඩංගුවට
ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලිවල ප්‍රධානියා ලෙස හඳුන්වන ට්සේ චී ලොප් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔස්ට්‍රේලියාව නිකුත් කළ වරෙන්තුවක් මත නෙදර්ලන්ත පොලිසිය විසින් ය.
චීනයේ උපන් කැනේඩියානු ජාතිකයෙකු වන ට්සේ චී ලොප් වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 70 ක් වන නීති විරෝධී මත්ද්‍රව්‍ය සමාගමක ප්‍රධානියා ලෙස හඳුන්වයි.
ඔස්ට්‍රේලියානු පොලීසිය විශ්වාස කරන පරිදි එරටට ඇතුළුවන නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් සියයට 70 ක්ම පැමිණෙන්නේ මෙම සමාගම හරහා ය.
ඔස්ට්‍රේලියානු පොලීසිය වසර 10 ක සිට මෙම සැකකරුව සොයමින් විමර්ශන පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
