රිය අනතුරකින් පොලිස් කොස්තාපාල්වරයෙකු මරුට
වැලිකන්ද පොළාන්නරුව මඩකලපුව මාර්ගයේ කඩවත්මඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පොලිස් කොස්තාපාල්වරයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ එම මාර්ගයේ මඩකලපුව දෙසට ධාවනය වු ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදියේ ගමන් කළ පොලිස් කොස්තාපාල්වරයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 35 හැවිරිදි පොලිස් කොස්තාපාල්වරයා වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
