බස්නාහිර පළාතේ සා.පෙළ සිසුන් සඳහා පාසල් විවෘතයි
බස්නාහිර පළාතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අද (25) පාසල් ආරම්භ කර ඇත.
බස්නාහිර හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල හැර අනෙකුත් පාසල්වල සාමාන්‍ය පෙළ පන්ති අද ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.
දුර බැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට ආසන්නතම පාසලට ගොස් අධ්‍යයන කටයුතු සිදුකිරීමේ අවස්ථාවක් ලබාදී ඇති බව ද ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.
එසේම පාසල් සිසුන්ගේ අවශ්‍යතාවය මත සිසු සැරිය බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
