මෙක්සිකානු ජනපතිටත් කොවිඩ්
මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් ලොපෙස් ඔබ්රඩෝහට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
67 හැවිරිදි ජනාධිපතිවරයා සිය ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තමා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව ද මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ වන විට මෙක්සිකෝව තුළ කොවිඩ් ආසාදිතයින් 1,763,219ක් වාර්තා වී ඇති අතර මරණ 149,614ක් සිදුව ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
