නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් සියළුදෙනා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සහ මුහුණු ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.
ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මස 30වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 2,746 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 2600 දෙනෙකුට මේ වනවිට නඩු පවරා තිබේ.
ඉදිරියටත් එම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
