අ’පුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය වසා දමයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
කොවිඩ් වෛරසය හේතුවෙන් මතු වූ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන එම කාර්යාලයේ මහජන සේවා සැපයුම් කටයුතු තාවකාලිකව අත්හිටවූ බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ආයතන පරිශ්‍රයේ සෞඛ්‍යාරක්ෂිත බව කඩිනමින් තහවුරු කර සේවාලාභීන් සඳහා දිස්ත්‍රික් කාර්යාලය කඩිනමින් විවෘත කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
