තවත් නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් මෙරටින් හඳුනා ගැනේ
එංගලන්තයෙන් මෑතකදී වාර්තා වූ කොවිඩ් නව ප්‍රභේදයට වඩා වෙනස්, සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවන ඩෙන්මාර්කය, ජර්මනිය ඇතුළු රටවල පැතිර යන වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත තවත් කොරෝනා ප්‍රභේදයක් මෙරටින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු කැරන ලද පරීක්ෂණ වලින් මෙම වෛරස ප්‍රභේදය හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
