සමගි ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය
ඊයේ (25) සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අතර එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගන්නා ලදි.
පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා දරණ අතර, මහලේකම් ධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිව ඇත.
එහිදී පක්ෂ සභාපතීත්ව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි විය.
තිස්ස අත්තනායක මහතා ජාතික සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.
සමගි ජනබලවේගය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු පත්කර තිබේ.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, රවින්ද්‍ර සමරවීර, රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් පත් කෙරුණි.
නව නිලධාරී මණ්ඩලයට උප සභාපතිවරු 8 දෙනෙකු තෝරා පත් කර තිබේ.
භාණ්ඩාගාරික තනතුරට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත.
පර්යේෂණ සහ සංවර්ධන ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.
ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස නිරෝෂන් පෙරේරා ද විධායක නිලධාරිවරයා ලෙස අජිත් පී පෙරේරා ද පත්කර ඇත.
ෆර්හාන් කාසිම් සහ තිසත් විජයගුණවර්ධන නීති ලේකම්වරුන් ලෙස පත්ව ඇත.
නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් ලෙස බුද්ධික, රංජිත් අලුවිහාරේ, ජේ.සී අලවතුවල යන මහත්වරුන් පත්කර ඇත.
මෙලෙස සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා වූ නිලධාරී මණ්ඩලයට පුද්ගලයින් 31 දෙනෙකු පත්ව ඇත.