නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් යුපුන් තවත් ඉදිරියට
පසුගිය දා ඉතාලියේ අන්කෝනාහිදී පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියක යුපුන් අබේකෝන් විසින් මීටර් 60 ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත් වී ඇත.
2017 වසරේදී ඉතාලියේ අන්කෝනාහිදී පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 60 ඉසව්ව වෙනුවෙන් යුපුන් විසින් තබා තිබූ තත් 6.78ක වාර්තාව ඔහු විසින්ම මෙවර තරගාවලියේ දී බිඳ දැමු අතර මෙවර තරග ඉසව්ව තත්. 6.59කින් අවසන් කිරීමට ඔහුට හැකි වී තිබේ.
මේ තරග වාරයේ ලෝකයේ තෙවැනි වේගවත්ම කාලය බවට යුපුන් අබේකෝන් වාර්තා කළ මෙම කාලය පත්වීමද විශේෂත්වයකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
