ක්‍රීඩාවිදේශීය

බ්‍රසීලයේ ගුවන්යානා අනතුරකින් පාපන්දු ක්‍රීඩකයන් සිව් දෙනෙක් ජිවිතක්ෂයට

ගුවන් යානයක් කඩා වැටීමෙන් බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩයින් සිව් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ ගුවන් තොටුපොළකදී අදාළ යානය ගුවන්ගත වන අතරතුරදී මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරෙන් බ්‍රසීලයේ පැල්මාස් එෆ්.සී. ක්‍රීඩා සමාජයට අයත් ක්‍රීඩකයින් සිව් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ  ක්‍රීඩකයින් පාපන්දු තරගාවලියකට සහභාගී වීමට ගොස් සිටියදී සිදු කරන ලද පරීක්ෂාවකදී කොවිඩ් වෛරස  ආසාදිතයන් බවට තහවුරු වීමත් සමග ඔවුන් යළි තම ප්‍රාන්තය බලා පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇත.

පැල්මාස් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ සභාපති සහ කළමනාකරු ද මියගිය පිරිසට අදාළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *