ඉන්දියාවේ කොවිඩ් එන්නත හෙට දිවයිනට
හෙට (28) ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන ‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා‘ එන්නත මෙරටට රැගෙන ඒමට නියමිත බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා විසින් සඳහන් කළේය.
ඒ අනුව ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.-281 ගුවන් යානයෙන් හෙට දහවල් 11.00 ට වන විට පමණ එන්නත රැගෙන ඒමට නියමිත වේ.
එන්නත මෙරටට ගෙන ඒමෙන් පසු අනිද්දා (29) සිට එන්නත්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර ඇත.
ආසාදිතයින් සම්බන්ධ ඉදිරි පෙළ කටයු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු පිරිස් සඳහා පළමුවෙන් එන්නත් ලබා දෙන්නේ බව වෛද්‍ය සුදර්ශනී සඳහන් කළේය.
ඒ අනුව, සෞඛ්‍යය කාර්ය මණ්ඩලයේ 155,000ක් සඳහා සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ 127,000ක පිරිසක් සඳහා පළමු අදියරේ එන්නත්කරණය සිදු කෙරෙනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
