දේශීය

ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් යොමුකළ අපේක්ෂිත ඇප අයදුම්පත් ඉල්ලා අස්කර ගනී

තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන නාලක එදිරිසංහ, ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන 04 දෙනා අධිකරණයට යොමුකළ අපේක්ෂිත ඇප අයදුම්පත් අස්කරගෙන තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ ඔවුන් මෙම ඇප අයදුම්පත්‍රය ඉදිරිපත් කර තිබුණු අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් එම අයදුම්පත් හතර අද (27) නිෂ්ප්‍රභ කර තිබේ.

ඊ.ටී.අයි. සමාගමේ සිදුව ඇති මූල්‍ය වංචාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොවුන් සිව්දෙනා ඇප මත මුදා හැරුණේ පසුගිය 15 වනදායි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *