රන්ජන් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට
රන්ජන් රාමනායක මහතා ඊයේ (26) දහවල් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත ගෙන ගොස් ඇත.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව හේතුවෙන් පසුගිය ජනවාරි 12 වන දා සිව් වසරක සිර දඩුවමක් නියම වූ රන්ජන් රාමනායක මහතා නිරෝධායනය කටයුතු සඳහා තරුණ සිරකරුවන් පුනරුත්ථාපනය කරන පල්ලන්සේන කඳවුර වෙත රැගෙන ගොස් ඇති අතර සති දෙකක නිරෝධායනය අවසන්විමෙන් පසු ඔහුව මෙලෙස ඊයේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යන ලදි.
කෙසේවෙතත් රන්ජන් රාමනායක මහතා රඳවා තැබිම සඳහා බන්ධනාගාර රෝහලේ වෙනම මැදිරියක් සුදානම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
