දේශීය

දෙනුවර මැණිකේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කෙරේ

කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ‘දෙනුවර මැණිකේ’ දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට කටයුතු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කලින් ආසන වෙන්කර ධාවනය කරනු ලබන ‘දෙනුවර මැණිකේ’ දුම්රියේ මේ වන විට ආසන වෙන්කිරීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේවෙතත් මෙම දුම්රියේ ගමන් කිරීමට කලින් ආසන වෙන්කර ගන්නා ලද මගීන් සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන ‘පොඩි මැණිකේ’ දුම්රිය යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.




Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *