දේශීය

පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් අහඹු ලෙස PCR පරීක්ෂණ

පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කෙරෙන අතර ඒ සඳහා මන්ත්‍රීවරුන්ට සහභාගීවන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත් දැනුවත් කර ඇත.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබේ.

පාර්ලිමේන්තු සැසිවාර ඉදිරියේදී පැවැත්වෙන දිනයන් වල මෙන්ම නොපැවැත්වෙන දිනවලදී ද සතියකට වරක් එම පරීක්ෂණ සිදු කිරිමට නියමිත වේ.

පසුගිය 25 වන දා පාර්ලිමේන්තුව තුළ අවසන්වරට PCR පරීක්ෂණ සිදු කෙරුණු අතර එහිදී පුද්ගලයින් 190 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර තිබුණි‍.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *