දේශීය

බස්නාහිරින් පිටවන ස්ථාන 12 ක දී අදත් කොවිඩ් පරීක්ෂණ

අද (28) බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින්හට ස්ථාන 12 ක දී කොවිඩ් පරීක්ෂණ සිදු කරයි.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පිට පළාත් වෙත ගමන් කරන පුද්ගලයින්හට කොවිඩ් ක්ෂණික පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එසේම බස්නාහිර පළාතේ එළවළු කඩ, මාළු ලෑලී, සති පොළ හා ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව සේවය කරන පුද්ගලයින්හට ද මෙම කොවිඩ් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *