මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
මහරගම, ඇරැව්වල ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 35ක වටිනාකමකින් යුත් ටෙට්ට්රා හයිඩ්‍රෝ කැනබිනෝල් නොහොත් හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී එම මත්ද්‍රව්‍ය තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටින අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ.
ටෙට්ට්රා හයිඩ්‍රෝ කැනබිනෝල් නොහොත් හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 05 ක් සැකකරු සන්තකයේ තිබියදී නිලධාරීන් භාරයට ගැණින.
සැකකරු 31 හැවිරිදි වියේ පන්නිපිටිය, පැලන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (28) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
