විදේශීය

එංගලන්තයෙන් තවත් නව කොවිඩ් එන්නතක්

එංගලන්තයේ නිෂ්පාදිත “නොවැවැක්ස්”  කොවිඩ් එන්නතෙහි සඵලතාවය 89.3%ක් බව ඒ සම්බන්ධයෙන් සිදුකළ පූර්ව පර්යේෂණ අත්හදාබැලීම්වලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

එංගලන්තයෙන් හදුනාගත් කොරෝනා වෛරස් ප්‍රභේදයට ද මෙම එන්නත  හොඳින් ප්‍රතිචාර දක්වන බව ද වාර්තා වේ.

මෙය  සුභවාදී තොරතුරක් බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා සඳහන් කළේය. එංගලන්ත ඖෂධ නියාමන ආයතනය එම එන්නත විශ්ලේෂණය කිරීමට නියමිතවේ.

මේ වන විටත් එම එන්නතෙහි මාත්‍රා මිලියන 60 ක් එක්සත් රාජධානිය විසින් ඇණවුම් කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *