නිරෝධායන රීතීන් කඩකළ තවත් පුද්ගලයින් 15 ක් අත්අඩංගුවට
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය නොපවත්වා ගැනීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2,680 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර බස්නාහිර පළාතේ නිරෝධායන නීති රීති පවත්වා ගෙන නොගිය රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 103ක් ද ගතවූ පැය 24ක කාලය තුළ හඳුනාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම කාලය තුළ ආයතන 910ක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
