ක්‍රීඩා

හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ දූෂණ චෝදනා 3 කට වැරදිකරුවකු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතට අනුව චෝදනා 3 කට වැරදිකරු ලෙස සනාථ වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (29) නිවේදනය කර ඇත.

ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ දීර්ඝ විභාගයකින් අනතුරුව මේ බව නිවේදනය කර තිබේ.

2019 වසරේ නොවැම්බර් මාසයේදී දිල්හාර ලොකුහෙට්ටිගේට විරුදිධව ICC දූෂණ මර්දන පනත යටතේ මෙම චෝදනා ගොනුකර තිබුණි. 

ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ මොහුට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම තවදුරටත් වලංගු වන බවයි.

එසේම ඔහුට එරෙහිව දඩුවම් ඉදිරියේදී පනවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *