විදේශීය

ඩෙන්මාර්කය වසාතැබෙන කාලය දීර්ඝ කරනවා – අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන්

කොවිඩ්  වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඩෙන්මාර්කය වසාතැබීමේ කාලය දීර්ඝ කරන බව එරට අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා කරයි.

ඊයේ (28) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ පෙබරවාරි මස 28 වනදා දක්වා තවදුරටත් රට වසා තැබෙන බවයි.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය පැතිරීම වැළැක්වීම කළ නොහැකි වුවද එය පැතිරීම මන්දගාමී කිරීමට හැකියාව පවතින බව ද ඇය සඳහන් කර ඇත.

ඩෙන්මාර්කයේ මේ වන විට කොවිඩ් වෛරස ආසාදිතයින් 197,208 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 184,853 ක් පූර්ණ සුවය ලබා ඇත.  සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,071ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *