අදත් තෝරාගත් රෝහල්වලදී කොවිඩ් එන්නත්කරණය සිදු කෙරේ
අද (30) සිට දිවයිනේ තෝරාගත් රෝහල්වල ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීම සිදු කෙරෙන බව සෞඛ්‍ය අංශ දන්වා ඇත.
සියලුම ප්‍රාදේශීය ඖෂධ ගබඩා වෙත මෙම කොවිඩ් එන්නත් තොග යවා ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර තිබේ.
ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය ඊයේ (29) නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී එහි සමාරම්භක උත්සවය පැවැත්වුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
