අම්බලන්ගොඩ ග්‍රාමීය බැංකුවක් කොල්ල කා පළා ගිය ගුවන් හමුදා සෙබළා අත්අඩංගුවට
අම්බලන්ගොඩ උස්මුදුලාව ග්‍රාමීය බැංකුව මුදල් කොල්ල කා පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂීත හිස්වැසුමක් හා ජැකට්ටුවක් පැළඳ පැමිණි සැකකරු බැංකුවේ කළමනාකාරීය බිය ගන්වා මෙම මුදල් කොල්ලය සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
ඔහු පැහැර ගෙන ගොස් ඇති මුදල රුපියල් 136,000 ක් වන අතර සැකකරු 44 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් හා දේශීයව නිෂ්පාදිත අත්බෝම්බයක් ද සොයා ගෙන ඇති අතර ඔහු අද ( 30 ) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
