කියුබාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 5 දෙනෙකු ජීවිතක්ෂයට
කියුබාවේ හොල්ගුයින් පළාතේ දී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අදාළ හෙලිකොප්ටර් යානය හොල්ගුයින් පළාතේ කන්දක් මතට හදිසියේ කඩා වැටී ඇති බවයි.
එහිදි යානයේ ගමන්ගත් පුද්ගලයින් 05 දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කොමිසමක් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
