දේශීය

අද සිට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

73 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය සඳහා පෙර පුහුණුවීම් කටයුතු අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ නගරය ආශ්‍රිත මාර්ග රැසක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව අද දිනයේ සිට ලබන 03 වැනි දා පෙරවරු 6.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක අතර නිදහස් උත්සවය පැවැත්වෙන පෙබරවාරි 04 වන දින අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.

නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ගුවන් යානා පෙරහුරු කටයුතු වෙනුවෙන් ගුවන් යානා පහළින් පියාසර කරන බැවින් අනතුරු සිදුවිය හැකි බව ගුවන් හමුදාව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *