ක්‍රීඩා

ක්‍රිකට් උන්නතිය උදෙසා නව ප්‍රවේශයක්

පසුගිය 27 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සහ නගාසිටුවීමට සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීම සම්බන්ධ රැස්විමක් පැවැත්වුණි.

මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ක්‍රියාකාරීත්වය, ක්‍රීඩකයින්ගේ කළමණාකරණ කටයුතු සහ විධිමත්ව කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී ක්‍රීඩකයින්ගේ දක්ෂතා විශ්ලේෂණය කිරීම සහ එහි පවතින යාන්ත්‍රණය යන කරුණු පිළිබද සමාලෝචනය කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සහ නගාසිටුවීමට සම්බන්ධ යෝජනාවලිය ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එහිදී නව යෝජනා 7ක් ඉදිරිපත්ව ඇති බව සදහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *