විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 293 දෙනෙකු දිවයිනට
කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැර, කරදරවලට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයින් 293 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.
අද (30) අලුයම පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවයි කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරු සඳහන් කළේ.
මේ අතර අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ ගුවන් යානා 20 කින් මගීන් 681 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළට ළඟා විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 83 දෙනෙකු, අබුඩාබිහි සිටි 77 දෙනෙකු පකිස්ථානයේ සිටි 39 දෙනෙකු ද බංග්ලාදේශයේ සිටි 34 දෙනෙකු ද පැමිණි පිරිසට ඇතුළත් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
