දේශීය

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් භාවිත කරමින් බැංකු ගිණුම් විවෘත කර ඒ තුළින් අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අලෙවි කළ භාණ්ඩයේ මුළු වටිනාකමින් කොටසක් අදාළ බැංකු ගිණුම්වලට යොමු කිරීමෙන් අනතුරුව සැකකරු එම මුදල් ලබාගෙන බැංකු ගිණුම් අක්‍රීය කරනු ලබන බව අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (30) වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *