මාරක රිය අනතුරකින් තිදෙනෙක් මරුට
කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ගුවන් හමුදා කඳවුර අසලදී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම්පොළක තාප්පයේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් තිදෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (31) උදෑසන 6.45 ට පමණ එම අනතුර සිදුව ඇති බවයි.
අද උදෑසන සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ රද්දොලුගම, සීදූව සහ පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
මියගිය තිදෙනාගේ මළ සිරුරු රාගම රෝහලේ තැන්පත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
