වවුනියාව පොලීසියේ 19කට කොවිඩ්
වවුනියාව පොලිස් සංකීර්ණයේ පොලිස් නිලධාරින් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
වවුනියාව මූලස්ථාන පොලීසියට අනුයුක්ත නිලධාරින් තිදෙනෙකුට සහ වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියෙකුට මීට පෙර වෛරසය ආසාදනය වී තිබූ බවයි වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලය සඳහන් කළේ.
ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් එම නව ආසාදිතයින් 16 දෙනා හඳුනාගෙන ඇති අතර වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටි සැකකරුවන් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට පසුගිය 28 වන දින තහවුරු විය.
අනතුරුව වවුනියාව පොලිස් සංකීර්ණය ආශ්‍රිතව PCR පරීක්ෂණ සිදු කිරීමේදී පොලිස් නිලධාරින්ට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර හික්කඩුව, මාදම්පාගම ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් තිදෙනක් හඳුනාගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
