දේශීය

කොවිඩ් මර්ධන එන්නත 59,154 දෙනෙකුට

මේ වන විට ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත පුද්ගලයින් 59,000කට අධික සංඛ්‍යාවකට ලබාදී අවසන් බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, පුද්ගලයින් 21,329 දෙනෙකුට ඊයේ (31) දිනය තුළ පමණක් එන්නත ලබා දී ඇති බවයි.

මේ වන විට සමස්ත පුද්ගලයින් 59,154 දෙනෙකුට එම එන්නත ලබා දී තිබෙන බව වාර්තා වේ.

කොවිඩ් ආසාදිතයින් සමග වැඩි වශයෙන් කටයුතු කරන ඉදිරි පෙළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට එන්නත එන්නත ලබාදීම සිදුකරනු ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *