දේශීය

වලවේ ගඟේ ගිලී සිසුවියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරියක් අත්අඩංගුවට

බලංගොඩ කල්තොට ප්‍රදේශයේ පාසලක 16 හැවිරිදි සිසුවියක වළවේ ගඟේ ගිලී මියයාම සම්බන්ධයෙන් එම සිසුන් පිරිස භාරව සිටි ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.

පාසලේ බාහිර ක්‍රියාකරකම් භාර අදාළ ගුරුවරිය එම සිසුන් කණ්ඩායම පාසලෙන් පිටතට රැගෙන ගොස් ඇත්තේ විදුහල්පතිවරායාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියකින් තොරව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි .

15 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පසුගිය සෙනසුරාදා එලෙස වලවේ ගඟට රැගෙන ගොස් ඇති බවට පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකිරීමේ චෝදනාව යටතේ අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද (01) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *