දේශීය

අද කාලගුණය

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අද (01) ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කර ඇත.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විමේ හැකියාව පවති.

එසේම විටින් විට පැ.කි.මී 50 පමණ තද වැසි තත්ත්වයක් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩ්දුරටත්  සඳහන්කර තිබේ.

උදෑසන කාලයේ දී බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් පවතී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *